I සංජීවිකා සමරතුංග
පසුගිය අයවැයේදී ආණ්ඩුවේ සහායට ඡන්දය ලබාදුන් මුස්ලිම් පක්ෂ දෙකක මන්ත්‍රීන් හත්දෙනා වෙනම දේශපාලන සංවිධානයක් පිහිටුවීමට සාකච්ඡා ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මෙම මන්ත්‍රීන් එම පක්ෂවලින් ඉවත් වූ විට එම පක්ෂවල ඉතිරි වන්නේ පක්ෂ දෙකේ නායකයන් වන රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් පමණක් බවද සඳහන් වේ.
මෙම සන්ධානය සම්බන්ධව සිදුකළ සාකච්ඡා මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇතැයි නම් සඳහන් කිරීමට අකැමැති වූ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේය.
සිය නව සන්ධානයේ නායකත්වය සඳහා සුදුස්සකු සොයමින් සිටින අතර තම කණ්ඩායමේ අරමුණ නව සන්ධාන නායකත්වය බාරගන්නා ලෙස අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාට ඇරයුම් කිරීමට බවත් ඔහු පැවසීය. ඉදිරි කාලයේ සන්ධානය ස්ථාපිත කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ සිටින සෙසු පක්ෂ නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරැන්ටද එයට එක්වන ලෙස ඇරයුම් කිරීමට අපේක්ෂා කර බව හෙතෙම වැඩිදුරටත් කීය