I සංජීවිකා සමරතුංග
විදේශගත ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන ඩොලර් ආදායම පසුගිය සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී 30%ත් 50%ත් අතර ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු ආරංචි මාර්ග කියයි.
මෙයට හේතුව ඩොලර් සඳහා වැඩි රුපියල් වටිනාකමක් ගෙවා එම අරමුදල් උණ්ඩියල් ජාවාරම්කරුවන් විසින් විදේශවලදීම මිලට ගැනීම බව අනාවරණය වී ඇත. එහෙත් එම තත්ත්වය වැළැක්වීම සඳහා නව නීතිමය විධිවිධාන සැලැස්වීමත් සමඟ මෙම දෙසැම්බර් මාසයේ මුල් දින පහළොව තුළ විදේශගත ශ්‍රමිකයන් රටට එවන ඩොලර් ආදායම ඉහළ ගොස් ඇතැයි මහ බැංකු ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.