I සංජීවිකා සමරතුංග
රටේ මුදල් හිඟයට පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්.) සහාය ලබාගන්නේද නැද්ද යන්න ගැන අවසන් තීන්දුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසු ගැනීමට රජය තීන්දු කර තිබේ.
පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩලය රැස්වූ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ගණනාවක් මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු බවට හා එසේ නොකළ යුතු බවට මත දක්වා තිබිණි.
එහෙත් දැන් මුදල් අමාත්‍යවරයා විදේශගතව සිටින බැවින් ඒ පිළිබඳ අවසන් තීන්දුව ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ගැනීම සුදුසු බව මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.