2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා

ආහාර උද්ධමනය තවත් ඉහළට

 2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:02 131

I යසවර්ධන රුද්රිගු

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව (NCP) දෙසැම්බර් මාසයේ ආහාර කාණ්ඩයේ මිල උද්ධමනය සියයට 23 ඉක්මවා යනු ඇති බවට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. ආහාර කාණ්ඩයේ මිල උද්ධමනය පසුගිය ඔක්තෝබර් මාසයේ සියයට 11.7ක් වූ අතර මෙම නොවැම්බර් මාසයේදී 16.9 ලෙස නිවේදනය කෙරුණි.

මෙය සියයට 5.2ක වැඩිවීමකි. මේ අනුව දෙසැම්බර් මාසයේ උද්ධමන ප්‍රතිශතය නොවැම්බරයට වඩා 6.1කින් වැඩි වී ඇත. කෙසේ නමුත් පසුගිය සතියේ ඉන්ධන මිල වැඩි කිරීම නිසා මෙයට වඩා වැඩි ප්‍රමාණයකින් වුවද ඉහළ යාමට බොහෝ දුරට ඉඩ ඇති බව දැනගන්නට තිබේ.

ඔක්තෝබර් මාසයට වඩා නොවැම්බර් මාසයේදී උද්ධමන අනුපාතිකය සියයට 5.2කින් ඉහළ යාමට සහල්, එළවළු, මස්, මාළු, බිත්තර ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යාම හේතු වී තිබුණි. එහෙත් දෙසැම්බර් මාසය වනවිට තවදුරටත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම සිදුවිය හැකි බව අද පවතින වෙළෙඳපොළ මිල මට්ටම් අනුව සනාථ වෙයි.