I චමිඳු නිසල් ද සිල්වා
ගිනිකෙළි අලෙවිය සීයට අසූවකින් පමණ පහළ බැස ඇති අතර තොග මිල ගණන්ද සියයට සියයකින් පමණ ඉහළ ගොස් ඇතැයි ගිනිකෙළි නිෂ්පාදකයෝ පවසති.
2019 වසරේ පාස්කු ප්‍රහාරයට පෙර මිල ගණන් සැසඳීමේදී මෙම තත්ත්වය පැහැදිලි වන බව නිෂ්පාදකයෝ පවසති. වර්තමානයේ ආනයන සීමා හේතුවෙන් වෙඩි බෙහෙත් සහ නිෂ්පාදන සඳහා අවශ්‍ය ප්‍රධාන මූලද්‍රව්‍යයක් වන ඇලුමේනියම් සපයා ගැනීම ගැටලුවක් වී ඇතැයි අප කළ විමසීමකදී නිෂ්පාදකයෙක් පැවසීය. එසේම සුළු පරිමාණ කර්මාන්තකරුවන්ට මිලදී ගැනීමට නොහැකි වන සේ අමුද්‍රව්‍ය විශාල තොග ලෙස විකිණීමද මේ වනවිට සිදුවෙමින් ඇතැයි ඔහු තවදුරටත් සඳහන් කළේය.
පසුගිය අප්‍රේල් මාසයේ ගිනිකෙළි නිෂ්පාදන මිල ගණන් සැලකුවද වර්තමාන මිල ඉහළ යෑම ඉතා ඉහළ මට්ටමක පවතින බව කිඹුලාපිටිය රතිඤ්ඤා අලෙවිකරුවෝ පෙන්වා දෙති. එසේම නිෂ්පාදන සඳහා ඇති විශාල ඉල්ලුම ශීඝ්‍රයෙන් පහළ බසිමින් ඇතැයි ඔවුහු කියා සිටිති. ආනයන සීමා සහ අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් ඉදිරියේදී තත්ත්වය තවත් බරපතළ වනු ඇති බවද ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.