I සංජීවිකා සමරතුංග
ජනවාරි මාසයේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක් සහන මිලකට සැපයීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී ඇතැයි වාර්තා වේ. ආනයනික ද්‍රව්‍ය වන පාන්පිටි, පරිප්පු, හාල්මැස්සන් හා සැමන් ඇතුළු ද්‍රව්‍යයන් ආනයනය කරන ආනයනකරුවන් සමඟ සාකච්ඡා කොට ඒවායේ මිල ගණන් අඩු කළ හැකි ආකාරය තීන්දු කෙරේ.
මිල අඩුකිරීමෙන් ආනයනකරුවන්ට සිදුවන පාඩුව රජය විසින් පියවීමේ ක්‍රමවේදය අනුව මෙම තෝරාගත් භාණ්ඩවල මිල පහත දැමෙනු ඇතැයි සඳහන්ය. මේ අතර ආනයනික අර්තාපල් ලොකු ලූණුවල ආනයනික බද්ද රුපියල් 30කින් අඩුකිරීමට රජය පසුගිය සිකුරාදා තීන්දු කරතිබේ.
අධික ජීවන වියදම් බර නිසා පීඩාවට පත්ව සිටින සාමාන්‍ය ජනතාවට සහනයක් ලෙස මෙම භාණ්ඩ සහන මිලට සැපයීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.