2022 ජනවාරි 08 වන සෙනසුරාදා

විදුලිය කැපිල්ලෙන් ජනතාව පීඩාවේ!

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 64

ගයාන් ගාල්ලගේl

පසුගිය සතිය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක නොදන්වා විදුලි කප්පාදු කිරීම නිසා ජනතාව විශාල ලෙස පීඩාවට ලක්ව ඇති බව වාර්තාවේ.

ඇතැම් ප්‍රදේශ තුළ පැය දෙකේ සිට පැය 8 දක්වා විදුලිය විසන්ධි වී තිබේ.

කෙසේ වෙතත් මේ දිනවල ගෑස් හිඟය නිසා ඇතැම් නිවෙස් විදුලි උඳුන් භාවිතා කරන අතර විදුලිය නොමැති වීම නිසා දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත. විශේෂයෙන් පාසල් ආරම්භයත් ඉදිරියේ පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයටත් සූදානම් වන දරැවන් දැඩි අපහසුතාවයකට ලක්වූ බව දෙමාපියෝ පවසති.