2022 ජනවාරි 08 වන සෙනසුරාදා

සහන මල්ලෙන් ලක්ෂ 39කගේ කල්ල මරේ

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 75

I සංජීවිකා සමරතුංග

රජය පසුගියදා ප්‍රකාශයට පත්කළ සහන පැකේජයෙන් ඍජුවම දීමනා සහිතව ප්‍රතිලාභ හිමිවන රාජ්‍ය සේවකයන්, විශ්‍රාමිකයන් හා සමෘද්ධිලාභීන් සංඛ්‍යාව තිස්නව ලක්ෂයක් (39,00,000) පමණ වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

දැනට රාජ්‍ය සේවයේ නියුතු සමස්ත සේවක සංඛ්‍යාව දාහතරලක්ෂ පනස්දහසකි. (14,50,000). විශ්‍රාමිකයන් හයලක්ෂ හැටහය දහසකි. (6,66,000). සමෘද්ධිලාභීන් දාහත්ලක්ෂ අනූතුන් දහසකි. (17,93,000). 

මේ අයගෙන් රාජ්‍ය සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට මසකට රුපියල් පන්දහසක දීමනාවක්ද සමෘද්ධිලාභීන්ට රුපියල් දහසක අතිරේක දීමනාවක්ද නව ආර්ථික පැකේජය යටතේ පිරිනැමිණි. මෙම පැකේජයේ සියලු සහන සඳහා රජය වෙන්කළ මුදල රුපියල් බිලියන 229කි.