2022 ජනවාරි 08 වන සෙනසුරාදා

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් යන්නෙ නෑ - දයාසිරි ජයසේකර

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 74

I ගයාන් ගාල්ලගේ

නිවෙසේ ඇති ප්‍රශ්න එළියට යන්න නොදී නිවසේම විසඳා ගැනීමට අවස්ථාව තිබියදී එය මගහැර යාම නිසා අද වනවිට ප්‍රශ්න එළියේ සාකච්ඡා කරන්නට සිදුවී ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

අද ආණ්ඩුවට සිදුවී ඇත්තේද එය බවත් අපද බොහෝ අවස්ථාවල ආණ්ඩුව අභ්‍යන්තරයේ විවිධ ප්‍රශ්න කතා කළත් ඊට විසඳුම් නොලැබීම නිසා ප්‍රශ්න එළියේ කතා කරන්නට සිදුවූ බව හෙතෙම සඳහන් කළේය.

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් නොවන බවත් මේ දිනවල ආණ්ඩු විරෝධී ප්‍රකාශ ලෙස මාධ්‍ය තුළ යන්නේ පාක්ෂිකයන් විසින් තමන්ගෙන් අසන ප්‍රශ්නවලට පිළිතුරු බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය