2022 ජනවාරි 22 වන සෙනසුරාදා

ජාවාරම්කරු පැන්නූ රාජ්‍ය ඇමැතිට මන්ත්‍රීට වැඩ වරදියි?

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 78

ගයාන් ගාල්ලගේ l

ඩුබායි සිට පැමිණි එතනෝල් ජාවාරම්කරුවකු ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තය ඔස්සේ ගෙනැවිත් පොලීසියෙන් ආරක්ෂා කොට රැගෙන යාම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රාජ්‍ය ඇමතිවරයා සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් සාකච්ඡා කොට තීරණයක් ගැනීමට නියමිතව ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමටත් විශේෂයෙන් මෙම සිදුවීම ගැන විශේෂ බුද්ධි අංශ වාර්තාවක් කැඳවීමටත් ජනාධිපතිවරයා තීන්දු කර තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවත් අග්‍රාමාත්‍යවරයා හමුවෙන් පසුව එය තීරණය කරන බවත් දැනගන්නට ඇත.