2022 ජනවාරි 22 වන සෙනසුරාදා

කොවිඩ් එන්නත් කෝටි 05ක් ලංකාවට ගෙන්වලා

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 56

I සංජීවිකා සමරතුංග

2021 ජනවාරි මාසයේ සිට මේ දක්වා කොවිඩ් රෝගය වැළැක්වීම සඳහා අවශ්‍ය කරන එන්නත් හාරකෝටි අසූපන් ලක්ෂයක් මෙරටට ආනයනය කර ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.

එන්නත් මාත්‍රා තුන සඳහා අවශ්‍ය කරන එන්නත් මෙලෙස ආනයනය කර ඇත. එයට රජය වැය කළ මුදල රැපියල් කෝටි හයදහස් පන්සීයකි.

ප්‍රධාන එන්නත් වර්ග 5ක් මේ යටතේ ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත. සිනෝෆාම්, ස්පුට්නික්, මොඩර්නා, ෆයිසර් සහ ඇස්ට්‍රාසෙනෙකා මෙම එන්නත් වර්ග වේ.

මෙම එන්නත් හාරකෝටි අසූපන් ලක්ෂයෙන් හැටඅට ලක්ෂයක්ම ලැබුණේ පරිත්‍යාග වශයෙනි. චීනය, ජපානය, අමෙරිකාව හා ඉන්දියාව මෙලෙස ශ්‍රී ලංකාවට එන්නත් පරිත්‍යාග කළ රටවල්ය.

මෙලෙස කොවිඩ් වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ දියත් කළ ශීඝ්‍රගාමී එන්නත්කරණ වැඩපිළිවෙළ නිසා ලොව කොවිඩ් එන්නත් ලබාදුන් පළමු රටවල් දහය අතරට පැමිණීමට ශ්‍රී ලංකාව සමත් වී ඇතැයි ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය.