I සංජීවිකා සමරතුංග
මේ වනවිට ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටින ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්දියන් ඔයිල් සමාගමෙන් කෙළින්ම ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දීය තානාපති කාර්යාලය සමඟ විදුලිබල මණ්ඩලයේ බලධරයන් විශේෂ සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.
විදුලිබල මණ්ඩලයේ වාර්ෂික ඉන්ධන අවශ්‍යතාව වන මෙට්‍රික් ටොන් පනස් දහසෙන් කොටසක් කෙටිකාලීන ණය පහසුකමක් යටතේ මිලදී ගැනීමට රජය අපේක්ෂා කරයි. මේ සඳහා කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සහ ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ යන මහතා ද අදහස් හුවමාරු කරගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ ඉල්ලීම ඉන්දීය ඛණිජ තෙල් අමාත්‍ය හර්දිප් පූරි මහතා විසින් අනුමත කෙරෙනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.