2022 ජනවාරි 29 වන සෙනසුරාදා

බූස්ටරය නොගත් මාපියන්ගෙන් පාසල් දරුවන්ට කොවිඩ්

 2022 ජනවාරි 29 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 54

I ගයාන් ගාල්ලගේ

පූර්ණ එන්නත්කරණය වූ ජනතාවගෙන් 41% ජනගහණයක් තවම තුන්වැනි මාත්‍රාව ලබාගෙන නොමැති වීම නිසා කොවිඩ් රෝගීන් ක්‍රමයෙන් ඉහළ යාමක් දකින්නට තිබෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දේශයට පැවසුවාය.

පූර්ණ එන්නත්කරණය ජනගහනයෙන් 63%ක් සිදුකර ඇති බවත් එහෙත් තුන්වැනි මාත්‍රාව පසු  ගිය බ්‍රහස්පතින්දා වන විට ලබාගෙන ඇත්තේ 22%ක් පමණක් වන නිසාත් කොවිඩ් රෝගීන් වර්ධනය ඉහළ ගොස් ඇති බව ඇය සඳහන් කළාය.
එසේම මේ වනවිට රෝහල් ගතවන රෝගීන් සංඛ්‍යාව පමණක් නොව දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 8%ක් දක්වා වර්ධනය වී ඇතැයි ඇමැතිවරිය කීය.

කෙසේ වෙතත් පාසල් දරුවන්ට පවා රෝගය පැතිරීමට ප්‍රධාන හේතුව වැඩිහිටියන් නියමිත තුන්වැනි මාත්‍රාව ලබා නොගැනීම නිසා බව ඇය සඳහන් කළාය.