2022 ජනවාරි 29 වන සෙනසුරාදා

ළඟදීම ජනතාව පාරට බසීවි - නලීන් බණ්ඩාර

 2022 ජනවාරි 29 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 49

ගයාන් ගාල්ලගේ l

විපක්ෂයේ දේශපාලන මෙහෙයුම්වලට පෙර ආණ්ඩුවට එරෙහි සමස්ත ජනතා අරගලයක් නුදුරේදීම සිදුවන බවත් ඒ පීඩනය හමුවේ ආණ්ඩුවට තම බලය අතහරින්නට සිදුවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා දේශයට පැවසීය.

වෘත්තීයවේදීන්, ගොවියන්, කම්කරුවන්, ගුරුවරුන්, රාජ්‍ය සේවකයන් පමණක් නොව ආගමික නායකයන් පවා මෙම ආණ්ඩුවට එරෙහිව වීදි බසින දිනය වැඩි ඈතක නොවන බව හෙතෙම සඳහන් කළේය. ආණ්ඩුවට පීඩනයක් වන්නේ විපක්ෂය වුවත් මේ ආණ්ඩුවට පීඩනය වන්නේ රටේ ජනතාව බවද මන්ත්‍රීවරයා කීය.