2022 ජනවාරි 29 වන සෙනසුරාදා

සංචාරක සමය සරුවෙයි ජනවාරි ආදායම ඩොලර් මිලියන 162ක්

 2022 ජනවාරි 29 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 176

I චමිඳු නිසල් ද සිල්වා

2022 වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට 24 වැනිදා දක්වා මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 64087ක් බවද ඔවුන්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 162ක පමණ ආදායමක් ශ්‍රී ලංකාවට ලැබී ඇතැයි ගණන් බලා ඇති බවද සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය දේශයට පැසුවාය.

එළැඹ තිබෙන සංචාරක වාරය සාර්ථකව ක්‍රියාත්මක වීම හේතු කොටගෙන 2022 වසර අවසන් වනවිට සංචාරකයන් ලක්ෂ 11ක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ඔවුන්ගෙන් අමෙරිකානු ඩොලර් කෝටි 270ක පමණ  ආදායමක්ද ලැබෙතැයි ඇය සඳහන් කළාය.

රට සාමාන්‍ය තත්ත්වයෙන් පැවැති අවසන් වසර වන 2018 වසරේ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 23කි. එම වසරේ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් අමෙරිකානු ඩොලර් කෝටි 430ක අදායමක් ලබා ඇතැයිද සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.