I දේශපාලන වාර්තාකරු
2021 වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ ජනවාරි වනවිට ගෑස් මිල ගණන් 85%කින් ඉහළ ගොස් තිබේ. එසේම කොළඹ පාරිභෝගික මිල දර්ශකයට සාපේක්ෂව ආහාර මිල ගණන්ද 20%කින් ඉහළ ගොස් ඇත.
මේ බව හෙළිදරව් කරන්නේ දැනට ලෝකයේ ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල ගණන් පිළිබඳ දැඩි පීඩනයට පත්ව සිටින රටවල් ගණනාවක් ගැන බ්‍රිතාන්‍ය ගුවන්විදුලිය (BBC) විසින් පසුගියදා කරන ලද සමීක්ෂණයකිනි.
අප්‍රිකානු රටවල්, තුර්කිය, බ්‍රසීලය, ශ්‍රී ලංකාව ඇතුළු භාණ්ඩ මිල පීඩනය දැඩි ලෙස වාර්තා වන රටවල් ගණනාවක් මෙහිදී සමීක්ෂණයට භාජනය කරන ලද බව BBC වාර්තාවෙහි දැක්වෙයි.
කොවිඩ් වසංගතය නිසා සංචාරක ව්‍යාපාරය කඩාවැටීම ඇතුළු හේතු ගණනක් නිසා මේ වන විටත් ශ්‍රී ලංකාවේ සහල්, තිරිඟු පිටි, කිරිපිටි ආදියේ අධික මිල සහ හිඟය ජනතාවට තදින්ම බලපා ඇතැයි අදාළ වාර්තාව කියයි. මේ නිසා නැග එන ජනතා අප්‍රසාදය මර්දනය සඳහා ශ්‍රී ලංකා රජය අමෙරිකානු ඩොලර් කෝටි 100ක (බිලියන 1ක) සහන පැකේජයක් පසුගියදා ජනතාවට පිරිනැමූ බවද BBC වාර්තාවෙහි දැක්වෙයි.