I සුගත් පී. කුලතුංගආරච්චි
පසුගිය දින හත තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයට ලොවපුරා විවිධ රටවලින් කොවිඩ් රෝගීන් මිලියන 22ක් (ලක්ෂ 220ක්) වාර්තා වී ඇත. මේ වනවිට Omicron ප්‍රභේදය මුලින් හඳුනාගෙන සති 10කට පසු ලොව පුරා Covid-19 රෝගීන් මිලියන 90ක් (ලක්ෂ 900ක්) පමණ අලුතෙන් වාර්තා වී ඇත.
මෙලෙස Omicron මාදිලිය ඉස්මතුවීමෙන් පසු වාර්තා වූ Covid-19 රෝගීන් සංඛ්‍යාව 2020 වසර මුළුල්ලේ වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාවද ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ඇඩනොම් අනතුරැ අඟවමින් පෙන්වා දෙයි.
එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාප හයෙන් හතරක් තුළම පසුගිය සති හතරක කාලය තුළ මරණවල ඉහළ යාමක්ද සිදුව ඇති බව වාර්තා වේ. මේ නිසාම ඔමික්‍රොන් යනු කොවිඩ් අවසන් කරන්නා ලෙස සුළුකොට සැලකීම වරදක් බව ඔහු පෙන්වා දෙයි.