2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා

රාගම නවකවධ සිද්ධිය: පොල් සභාපතිත් දොට්ට පරීක්ෂණයට ඇමැති කමිටුවක්

 2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 87

I දේශපාලන වාර්තාකරු

රාගම වෛද්‍ය විද්‍යාලයේ නවකවධ සිද්ධිය ගැන විමර්ශනය කිරීමට ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරුන් තිදෙනකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත. මෙම පහරදීමේ සිද්ධියට වාහන සැපයූ බව කියන පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති වීරසිංහ මහතා ද තනතුරින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා වැඩිදුරටත් තීන්දු කර තිබේ.

දැනට රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවකු වන අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා සිය අමාත්‍යාංශයේ ආයතනයක වාහන උපයෝගී කරගෙන රාගම වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට පහරදීමේ සිද්ධියෙහි වගකීම භාරගනිමින් අරැන්දික ප්‍රනාන්දු මහතා මෙතෙක් ඔහු දැරූ තෙල්, පොල්, කිතුල් වගා ප්‍රවර්ධන සහ ඒ ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්විය. මෙම ප්‍රහාරය සම්බන්ධ නඩුව දැනට අධිකරණයේ විභාග කෙරෙන අතර අමානුෂික නවක වධ සිද්ධිය ගැන පූර්ණ විමර්ශනය කැබිනට් අමාත්‍ය කමිටුව විසින් සිදුකිරීමට නියමිතය.