2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා

බිත්තර ගැසීමේ චූදිතයන්ට පොලීසියෙන් නඩු

 2022 පෙබරවාරි 05 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 64

I ආරක්ෂක වාර්තාකරු

ජ.වි.පෙ. නායක අනුර දිසානායක මහතා ඉලක්ක කර ගනිමින් ඔහුගේ වාහනයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධව අදාළ විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පොලීසිය ක්‍රියා කරමින් සිටින බව ජ්‍යෙෂ්ඨ පොලිස් ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

මෙහිදී අත්අඩංගුවට පත් විත්තිකරුවන් වෙත එල්ල කළ යුතු චෝදනා කවරේද යන්න ගැන නීතිපති මතය විමසා ඒ අනුව අදාළ නඩු කටයුත්ත ඉදිරියට ගෙන යන බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය. ඉදිරි සතිය වනවිට නීතිපති උපදෙස් මත අවශ්‍ය කටයුතු සිදුකෙරෙනු ඇති බවද ඔහු පැවසීය.