I ජේ.ඒ.එල්. ජයසිංහ
මහනුවර ජාතික රෝහලට අයත් අක්කර 58ක ඉඩම් ප්‍රමාණයෙන් අක්කර 24ක් අනවසර පදිංචිකරුවන් විසින් අත්පත් කරගෙන තිබෙන නිසා ඉදිරියේදී රෝහලේ නව සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම විශාල ගැටලුවක් බවට පත්ව ඇති බව මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ප්‍රකාශ කළේය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් රුස්වීම පැවැත්විණි. එහිදී රෝහල් අධ්‍යක්ෂවරයා ඉදිරිපත් කරන ලද කරැණු අවධානයට ගත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා මහනුවර ජාතික රෝහලේ ඉඩම් කොටස්වල පදිංචි අනවසර පදිංචිකරුවන් ඉවත් කර ඔවුනට වන්දි ලබාදීම හෝ සුදුසු ඉඩම් ලබාදීම පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරීන්ට දන්වා සිටියේය.
ලංකාවේ තෙවැනි විශාලතම ජාතික රෝහල වන මහනුවර ජාතික රෝහලට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් රෝගීහු පැමිණෙති. ඔවුන් සඳහා විශේෂ විකලාංග ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉදිරියේදී ඉදිකිරීමට අවශ්‍ය ඉඩම් ප්‍රමාණය අනවසර පදිංචිකරැවන් විසින් අල්ලාගෙන සිටීම නිසා එකී කටයුතු අඩපණ වී ඇති බවද සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡා කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර, පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, දිසාපති චන්දන තෙන්නකෝන් යන මහත්වරැ රුස්වීමට සහභාගි වූහ.