ගයාන් ගාල්ලගේ l
වෘත්තීය අරගලය වාරණය කරමින් අධිකරණ නියෝගයක් ලැබුණහොත් සියලුම සෞඛ්‍ය වෘත්තීය සමිති එකතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට යන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා දේශයට පැවසීය.
තම වෘත්තීය සමිති එකතුවෙන් ලබාදුන් වැටුප් ප්‍රතිපත්තිය ගැන කිසිදු සැලකිල්ලක් නොකර එය ඉවත දැමීම නිසා මම වෘත්තීය අරගලයට ගිය බවත් ඒ නිසා ජනතාව දැඩිව අපහසුතාවයට ලක්වූ බවත් ඒ සඳහා සම්පූර්ණයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වගකිවයුතු නිසාත් අධිකරණ ක්‍රියාමාර්ගයට යන බව හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම වෘත්තීය අරගලය ඉදිරියේ දැඩිව ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළේය.
වැටුප් ප්‍රතිත්ති මලාවක් ඇතුළු යෝජනා 7ක් මූලික කරගනිමින් පැවැත්වෙන මෙම වෘත්තීය අරගලය සදහා වෘත්තීය සමිති 18ක් එක්ව ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් මෙම වර්ජනය නිසා ජනතාව දැඩි පීඩාවට පත්ව ඇති අතර ඔවුන්ගෙන් වර්ජකයන්ට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.