සංජීවිකා සමරතුංග l
ඉදිරි යල කන්නයට ගොවීන්ට කාබනික පොහොර සැපයීම සඳහා රුපියල් බිලියන 10ක් (කෝටි 1000ක්) පමණ වැය වෙතැයි රජය ගණන් බලා තිබේ. දැනට පොහොර සැපයුම සඳහා දේශීය සැපයුම්කරුවන් අසූ දෙනකු රජයට ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් දේශයට ප්‍රකාශයක් කළ රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ ඔවුන් ගොවීන්ට දියර පොහොර හෝ ඝන පොහොර සහ කැට පොහොර සහ කාබනික පොහොර වර්ග තුන සැපයීමට එකඟතාව පළ කළ වගය. මෙම කන්නයේ කුඹුරැ හෙක්ටයාර ලක්ෂ පහක් වගා කරනු ඇතැයි දැනටමත් ගණන් බලා ඇත. ඒ සඳහා පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් සැපයිය යුතුව තිබෙන බවද හෙතෙම සඳහන් කළේය. ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදාහැරීම අදාළ නිෂ්පාදන සමාගම හා දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව මාර්ගයෙන් සිදුකිරීමට අවශ්‍ය සැලසුම් ද සකස් කර තිබෙන බව මේ ගැන කරැණු දැක්වූ රජයේ ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.