2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

රාගම වෛද්‍ය පීඨයේ සිද්ධිය හොයන්න ඇමැති කමිටුවක්

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 55

 දේශපාලන වාර්තාකරු l 

රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිද්ධියට වගකිවයුත්තන් කවුද යන්න සහ එම සිද්ධියේ පසුබිම සම්බන්ධ විමර්ශනයක් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඇමැති කමිටුවක් පත්කරනු ලැබීය.

එහි ප්‍රධානියා ලෙස අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නම්කර තිබේ. කැබිනට් අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ රමේෂ් පතිරණ පරීක්ෂණ කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස නම්කර ඇත.

මෙම කමිටුව රැස්වී සිද්ධිය ගැන පූර්ණ විමර්ශනයක් සිදුකොට සුදුසු නිර්දේශ ජනාධිපතිවරයා වෙත මසක් ඇතුළත ලබාදිය යුතු බවද දන්වා තිබේ.