2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

නව වෛද්‍ය වෘත්තීය සමිතියක්

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 69

සුගත් පී. කුලතුංගආරච්චි l

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වය දරමින් සිටි වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ඉන් ඉවත් වී නව වෘත්තීය සමිති සන්ධානයක් බිහිකර ගැනීම පසුගිය සතියේ දී සිදුවිය.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ලෙස නම් කරන ද මෙම වෘත්තීය සමිති ව්‍යාපාරය හම්බන්තොට හිටපු දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.ජී. චමල් සංජීවගේ සභාපතිත්වයෙන් ඇරුඹී ඇත. එහි ලේකම්වරයා ලෙස වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කටයුතු කරයි.  

වර්‍රතමානය වනවිට සෞඛ්‍ය සේවාවේ සේවයේ නිරත වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් ද මූලික හා සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් ද කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් ද දේශපාලන පක්ෂ භේදයකින් තොරව වෛද්‍යවරුන් වෙනුවෙන්ම පෙනී සිටින වෘත්තීය සමිති ව්‍යාපාරයක ඇති අවශ්‍යතාව සපුරමින් ඉදිරි  සියවසට ගැලපෙන අභිමානවත් වෛද්‍ය වෘත්තියක් රට තුළ ජනිත කිරීමත් වෛද්‍ය වෘත්තීය ජාත්‍යන්තර තලයට රුගෙන යාම හරහා රටේ ජාතික සංවර්ධනයට දායක වන සක්‍රීය බලවේගයක් බවට පත් කිරීමත් කේන්ද්‍ර කොට නව වෘත්තීය සමිති ව්‍යාපාරය බිහි කළ බව ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.