සුගත් පී. කුලතුංගආරච්චි l
මේ වනවිට රට තුළ ආසාදිතයන් ලක්ෂ 6කට වඩා වාර්තා වුවද කොරෝනා ආසාදනය මගින් සුවය ලද පිරිසද ඉහළ ප්‍රතිශතයක් සිටින බව සෞඛ්‍ය අංශ වාර්තා තහවුරු කරයි. එම වාර්තාවන්ට අනුව සුවය ලද පිරිස 596,042කි. එය ප්‍රතිශතයක් හැටියට සියයට 94.3කි. දැනට රෝගාතුරව සිටින පිරිස ලෙස වාර්තා වී ඇත්තේ 19875කි.
දිනකට දහස පන්නා ආසාදිතයන් වාර්තා වුවද රෝහල් ගතවීම සාපේක්ෂව තවමත් අවම අගයක පවතින බව සෞඛ්‍ය අංශ වාර්තා පෙන්වයි. මේ වනවිට මෙරට තුළ ඔමික්‍රෝන් වර්ධනය වී තිබුණද එන්නත්කරණයේ සාර්ථකභාවය නිසා රෝහල් ගතවීම් අවම වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මේ වනවිට මේ රට තුළ සියයට 64.2ක් හෙවත් මිලියන 14ක් පූර්ණ එන්නත්කරණයට ලක්ව හමාර බව වාර්තා කියයි. ඉකුත් සඳුදා වනවිට සියයට 28ක් හෙවත් 6128,974ක් බූස්ටරය ලබාගෙන තිබූ බව වාර්තා වේ.