2022 මාර්තු 06 වන ඉරිදා

රාජ්‍ය අමාත්‍ය පට්ටම් 3ක් හිස්

 2022 මාර්තු 06 වන ඉරිදා, පෙ.ව. 10:04 196

දේශපාලන වාර්තාකරු l

මේ වනවිට රාජ්‍ය අමාත්‍ය ධුර 3ක් පුරප්පාඩු වී ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි. ලොහාන් රත්වත්ත, සුසිල් ප්‍රේමජයන්ත සහ දිලුම් අමුණුගම යන රාජ්‍ය අමාත්‍යවරුන් දැරූ රාජ්‍ය ඇමැති ධුර මෙලෙස පුරප්පාඩු වී ඇත. ලොහාන් රත්වත්ත රාජ්‍ය අමාත්‍යවරයා ඔහුගේ අමාත්‍යංශයේ රාජකාරි සම්බන්ධයෙන් හටගත් අර්බුද නිසා රජයේ උපදෙස් මත ඉල්ලා අස්විය. සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකළ දේශපාලන විවේචනයන් නිසා තනතුරින් ඉවත් කරනු ලැබීය.

දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා කැබිනට් අමාත්‍ය ධුරයකට උසස් කිරීම නිසා එම අමාත්‍ය ධුරය පුරප්පාඩු විය.

මෙයින් ලොහාන් රත්වත්ත විසින් දරන ලද බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරය අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාට පැවරෙනු ඇතැයි වාර්තාවෙයි. එසේ වුවද සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ රාජ්‍ය අමාත්‍ය පදවිය සහ දිලුම් අමුණුගම මහතාගේ රාජ්‍ය අමාත්‍ය පදවිය තවදුරටත් පුරප්පාඩුව පවතී.