2022 මාර්තු 13 වන ඉරිදා

භාණ්ඩ සීමාවෙන් වෙළෙඳපොළේ ඒකාධිකාරයක්?

 2022 මාර්තු 13 වන ඉරිදා, පෙ.ව. 10:00 51

ගයාන් ගාල්ලගේ l

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367කට ආනයන සීමා පැනවීම දැනට පවතින මුදල් ප්‍රශ්නයට විසඳුමක් වුවත් ඒ හරහා වෙළෙඳපොළ ඒකාධිකාරයක් බිහිවීමේ අවදානමක් ඇති බව පාරිභෝගික අයිතීන් සුරුකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා දේශයට පැවසීය.

මෙම භාණ්ඩ 367 ආනයනය සම්පුර්ණයෙන් නොනවතා වෙළෙඳ අවසරය මත පිරිසකට ආනයනය කිරීමට අවසර ලැබෙන නිසා මෙසේ වෙළෙඳපොළ ඒකාධිකාරයක් ගොඩනැගෙන බව හෙතෙම සඳහන් කළේය. ඒ අනුව භාණ්ඩවල මිල සමාගම් විසින් තීන්දු කිරීමට පියවර ගතහොත් පාරිභෝගික අයිතින් වෙනුවෙන් අධිකරණයට යාමට සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.