I සංජීවිකා සමරතුංග
මේ මස 23 වැනිදා පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුව සඳහා මැතිසබය නියෝජනය කරන විවිධ දේශපාලන පක්ෂ 35කට ආරාධනා කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
පසුගියදා ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් කළ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන හිටපු අමාත්‍යවරුන් නියෝජනය කරන පක්ෂවලටද මේ සඳහා ඇරියුම් කෙරෙනු ඇත.
එහෙත් ඔවුන් මෙම සමුළුවට සහභාගි වන්නේද නැද්ද යන්න අවසන් තීරණය ලබන අඟහරුවාදා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ගනු ලබන බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා දේශයට පැවසීය. ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන 23 වැනිදා උදේ 10.30ට කොටුව ජනාධිපති මන්දිරයේ සභා ශාලාවේදී සර්ව පාක්ෂික සමුළුව රැස්වීමට නියමිතය. ඒ සඳහා වන න්‍යය පත්‍රය සකස් කිරීම මේ වන විටත් ආරම්භ කර තිබේ. සර්ව පාක්ෂික සමුළුවක් පවත්වා පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් සොයාගත යුතු බව රජයට යෝජනා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.