I ව්‍යාපාරික වාර්තාකරු
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය කිරීම නිසා ගෙවීමට ඇති රාජ්‍ය ණය සහ ආනයනික භාණ්ඩ වෙනුවෙන් කළ යුතු ගෙවීම් විශාල ලෙස ඉහළ නගින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළ ආකාරයට දැනට ශ්‍රී ලංකාවේ වාර්ෂික ආනයන වියදම දළ වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 20කි. (ඩොලර් කෝටි 2000කි). ඩොලරයක වටිනාකම රු. 203/- සිට රු. 230/- දක්වා රුපියල අවප්‍රමාණය වීම නිසා මෙකී වාර්ෂික ආනයන වියදම රුපියල් බිලියන 600කින් (රුපියල් කෝටි 60,000කින්) ඉහළ නගින බව පැවසේ.
මෙම අවප්‍රමාණය නිසා වාර්ෂිකව රජය විසින් ගෙවිය යුතු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 1000කින් (රුපියල් කෝටි 100,000කින්) ඉහළ නගින බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. මේ නිසා පවත්නා ණය අර්බුදය තවත් ව්‍යාකූල තත්ත්වයට පත්වන බවද මහ බැංකුව වැඩිදුරටත් කියයි. ඒ අතර මහ බැංකුව ඩොලරය රු. 230/- දක්වා ඉහළ දැමූ පසු ඇතැම් වාණිජ බැංකු ඉන්පසු ඩොලරයක ගැනුම් මිල රු. 250/- දක්වාද විකිණුම් මිල රු. 260/- දක්වාද වැඩි කර තිබිණි. ඒ අතර කොළඹ වීදිවල බලපත්‍රලාභී සහ බලපත්‍රලාභීන් නොවන මුදල් හුවමාරු මධ්‍යස්ථානවල ඩොලරයක ගැනුම් මිල රු. 255/- ලෙසත් විකිණුම් මිල රු. 257/- ලෙසටත් සටහන් විය.