2022 මාර්තු 20 වන ඉරිදා

ලෝක තෙල් මිල අඩුවැඩි වෙයි

 2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:00 65

I ගයාන් ගාල්ලගේ

ලෝක වෙළඳ පොළේ බොරතෙල් බැරලයක මිල පසුගිය සිකුරාදා නැවතත් ඉහළ ගොස් ඇතැයි ඛනිජතෙල් අලෙවිය පිළිබඳව දත්ත සපයන ''මාර්කට් ඉන්සයිඩර්'' වෙබ් අඩවිය වාර්තා කළේය. 2.11%කින් එම ඉහළ යාම පෙන්නුම් කර ඇති අතර සිකුරාදා දිනයේ ලෝක වෙළඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් 105.80ක් ලෙස සටහන් වී තිබුණි.

කෙසේ වෙතත් පසුගියදා තෙල් බැරලයක් ඩොලර් 98 දක්වා පහත වැටුණු අතර මීට පෙර තෙල් බැරලයක් ඩොලර් 130 දක්වා ඉහළ ගියේය.

කෙසේ වෙතත් මෙම වසර අවසානය වනවිට තෙල් බැරලයක් ඩොලර් 98ක ස්ථාවර මිලකට පැමිණෙනු ඇතැයි එහි විශේෂඥයන් සඳහන් කර ඇත.