2022 මාර්තු 20 වන ඉරිදා

ආණ්ඩුවම ගෙදර යා යුතුයි - නලින් බණ්ඩාර

 2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:00 59

I ගයාන් ගාල්ලගේ

රටේ අර්බුදයට බැසිල් රාජපක්ෂ පමණක් නොව සමස්ත ආණ්ඩුවම වගකිවයුතු නිසා එක් අයකුට විශ්වාසභංග ගෙන නොඑන බවත් ආණ්ඩුවම එලවා දැමීම තම පක්ෂයේ අරමුණ බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා දේශයට පැවසීය.

මෙ වනවිටත් උද්ඝෝෂණ රැල්ලක් සිදුකිරීම සඳහා සැලසුම් සකස් කරමින් පවතින බවත් මෙවර තම පක්ෂය එළියට එන්නේ ආණ්ඩුව ගෙදර යැවීම සඳහාම පමණක් බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ තත්ත්වය මත ආණ්ඩුව හැකි ඉක්මනින් නොහැකියාව පිළිගෙන ඉවත් විය යුතු බවද මන්ත්‍රීවරයා කීය.