I සුගත් පී. කුලතුංගආරච්චි
ඖෂධ මිල වැඩිකිරීමට කටයුතු කර ඇත්තේ විද්‍යාත්මක මිල සුත්‍රයකට අනුව විශේෂඥ කමිටුවක් මගින් මෙයට පෙර කළ අගැයීමක් මත බවත් ඒ ඇගැයීම සිදුවන අවස්ථාවට වඩා මේ වනවිට ඩොලරයේ මිල අධිකව ඉහළ යෑම හේතුවෙන් වැඩි මිලක් නියම වී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්ගේ ආසියා කලාපීය නියෝජිත සහ ඖෂධ මිල නියාමන කමිටු ප්‍රධානී, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් ''දේශය''ට පැවසීය.
සිය කමිටුව මිල තීරණය කළ අවස්ථාවට සාපේක්ෂව නම් වත්මන් බෙහෙත් මිල 36%ත් 40%ත් අතර ගණනකින් ඉහළ දැමිය යුතුව ඇති නමුත් ඖෂධ අපනයනකරුවන් හා රජය පැමිණි එකඟතාවයකට අනුව ඖෂධ මිල 29%කින් පමණක් ඉහළ දමා ඇති බවත් ඒ මහතා පැහැදිලි කළේය.
විධිමත් ඖෂධ නිෂ්පාදන ක්‍රියාදාමයක් දේශීයව තිබුණා නම් මේ වනවිට සිදුවන්නාක් මෙන් ඖෂධ මිල ඩොලරය සහ ආනයන මිල අනුව තීන්දු වීම වළක්වා ගත හැකිව තිබූ බව ඒ මහතා පෙන්වා දෙයි.