2022 මාර්තු 20 වන ඉරිදා

අවුරුදු කන්න ඉන්දියාවෙන් කෑම - ආනයනකරුවන්ගේ සංගමය

 2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:03 136

I යසවර්ධන රුද්රිගූ

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු දේ මිලට ගැනීම සඳහා ඉන්දියාවෙන් සැපයෙන ඩොලර් මිලියන 1000ක ණය මුදල විධිමත් ලෙස ලැබෙන තෙක් සිංහල අවුරුද්ද සඳහා අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කළ නොහැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරැවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා දේශයට පැවසීය.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ මෙම ණය පහසුකම් නොලැබේ නම් ආහාර ද්‍රව්‍ය ආනයනයට වෙනත් විකල්පයක් නොමැති බවය. මේ වනවිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කර ඇති බහාලුම් දහසක් පමණ වරායේ ඇති අතර ඩොලර් නොලැබීම නිසා ඒවා ගොඩබෑමට නොහැකි බවද ඔහු කීය.

යම් ණය සහනයක් ඉන්දියාවෙන් ලැබුණද එම භාණ්ඩ ලංකාවට ආනයනය කර ගොඩබෑම සඳහා සෑහෙන කාලයක් ගතවන බව පැවසූ ඔහු අවධාරණය කළේ ඉක්මනින් අදාළ අංශ මේ පිළිබඳ පියවර ගතහොත් උත්සව සමයේදී අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇති නොවීමට තමන්ට වගබලාගත හැකි බවය.