2022 මාර්තු 20 වන ඉරිදා

මාෆියාව සිමෙන්ති අනයි!

 2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:02 237

I ගයාන් ගාල්ලගේ

වෙළෙඳපොළ තුළ සිමෙන්ති කොට්ටයක් උපරිම රුපියල් 1200කට විකිණීමට හැකියාව තිබියදී රුපියල් 1850කට විකිණීම හේතුවෙන් ඇතිව තිබෙන මාෆියාව නිසා තවදුරටත් ඉදිකිරීම් කටයුතු කරගෙන යාමට නොහැකිව ඉදිරියේදී සියල්ල නතර විය හැකි බව ගොඩනැගිලි ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා දේශයට පැවසීය.

මෙම වෙළෙඳ මාෆියාව නිසා දැනටමත් කුඩා ගොඩනැගිලි ඉදිකිරීම්කරුවන් 50%ක් පමණ තම ව්‍යාපාර අත්හැර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් වහාම අදාළ ගොඩනැගිලි සඳහා ගිවිසුම්ගත කොන්ත්‍රාත් මුද‍ල සංශෝධනය කොට අද පවතින මිල ගණන් ලබා නොදුනහොත් සියල්ල නතරවන බව ඒ මහතා කීය.

සිමෙන්ති ඒකාධිකාරයක් නිර්මාණය කිරීමේ ප්‍රතිඵලය දැන් සියලු දෙනාටම විඳින්නට සිදුව ඇති බවත් ලියනාරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.