I ව්‍යාපාරික වාර්තාකරු
ඉන්දීය රජයෙන් ලැබෙන ඉන්ධන තොග මෙරටට ලැබෙන තෙක් තවදුරටත් ඉන්ධන පෝලිම් පවතිනු ඇතැයි ඛනිජ තෙල් සංස්ථා ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය. මෙම 21 සඳුදා සිට (හෙට) එම තෙල් තොග මෙරටට ලැබීමට නියමිත බවද ඔහු පැවසීය.
මෙයට අමතරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ ඇතුළු දේ මිලට ගන්නට තවත් ඩොලර් මිලියන 1000ක ණය මුදලක්ද ඉන්දීය රජය අනුමත කළේය. ඊට අදාළ ගිවිසුම්ද අත්සන් කෙරිණි.
පසුගියදා ඉන්දියාවට ගිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ යන මහත්වරුන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ඉන්දීය බලශක්ති අමාත්‍ය ආර්.කේ. සිං, ඛනිජ තෙල් ඇමැති හර්දීප් පුරි, විදේශ ඇමැති එස්. ජයශංකර්, මුදල් ඇමැතිනී නිර්මලා සීතාරාම් සමඟ පැවති විශේෂ හමුවීම්වලදී මෙම කරැණු ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කොට එකඟතාවකට පත්වූ බව රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.