I දේශපාලන වාර්තාකරු
ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් විසින් ඛනිජ තෙල් සංස්ථාවට ඇණවුම් භාරදුන් පසු ඊට අදාළ බිල්පත වහාම නිකුත් නොකර ඉන්ධන මුදාහැරීම සඳහා සන්තෝසම් මුදලක් අයකරන එම ආයතනයේ ඉහළ තනතුරු දරන කිහිප දෙනකු සම්බන්ධයෙන් රජයට පැමිණිලි ගණනාවක් ලැබී තිබේ.
මෙය මාෆියාවක් සේ ක්‍රියාත්මක වන බව සඳහන්ය. ඊට අදාළ සන්තෝසම් මුදල තීන්දු වන්නේ ඇණවුම් කරන ඉන්ධන ප්‍රමාණය අනුවය. එම අගයට ගාස්තුව ගෙවන තුරු නිසි ලෙස බිල්පත සකස් කොට ඉන්ධන ඇණවුම සම්පූර්ණ නොකිරීම සැලසුම් සහගතව සිදුවන ක්‍රියාවක් බවද මේ ගැන වගකිවයුතු අංශ වෙත ලැබුණු පැමිණිල්ලේ සඳහන්ය. පසුගියදා දින 10කට වැඩි ප්‍රමාණයකට පෙට්රල් තොග තිබියදීත් රටේ පෙට්රල් හිඟයක් ඇතිවී පෝලිම් බිහිවීමට මෙම නිලධරයන්ගේ ක්‍රියා කලාපයද හේතු වී ඇතැයි වාර්තා වෙයි.
මේ සම්බන්ධව රාජ්‍ය බුද්ධි අංශය මෙන්ම අල්ලස් හා දූෂණ කොමිසම මාර්ගයෙන් දැඩි පියවරක් ගැනීමට වගකිවයුතු අංශ දැනටමත් පියවර ගෙන ඇතැයි දැනගන්නට තිබේ.