I සංජීවිකා සමරතුංග
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන අප්‍රේල් 11 වැනිදා අමෙරිකාවේ වොෂින්ටන් නගරයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (I.M.F) සහ ලෝක බැංකුවේ ප්‍රධානීන් මුණගැසීමට නියමිතය.
පවත්නා ආර්ථික අර්බුදයෙන් රට මුදවාගැනීම සඳහා ශ්‍රී ලංකාවට සුදුසු ආර්ථික පැකේජයක් නිර්මාණය කිරීම පිණිස මෙම හමුවීම්වලදී අවශ්‍ය සාකච්ඡා පවත්වනු ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.