I ගයාන් ගාල්ලගේ
අප්‍රේල් මාසය වනවිට අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල 150%කින් පමණ ඉහළ යන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා පැවසීය.
පසුගිය වසරේ මාර්තු හා සැසඳීමේදී මේ වනවිට අත්‍යාවශ්‍ය භාණ්ඩ 100%කින් ඉහළ ගොස් ඇති බවත් එය අප්‍රේල් වනවිට තවත් ඉහළ යා හැකි බවත් ඔහු සඳහන් කළේය. දැනටමත් නිමිඇඳුම් මිල 60%කින් ඉහළ ගොස් ඇති නිසා මෙවර අවුරුදු සැමරීමේදී ලිතට අනුව ජය වර්ණ භාවිත කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කීය.