2022 මාර්තු 27 වන ඉරිදා

අලුත් බලවේගයකට රහස් සාකච්ඡා

 2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00 87

I ගයාන් ගාල්ලගේ

විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් විසින් නව දේශපාලන බලවේගයක් සැදීම සඳහා තිරය පිටුපස තීරණාත්මක සාකච්ඡාවක නිරතවෙමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

එම කණ්ඩායම මේ වනවිට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ආණ්ඩුවේ ඇතැම් අය සමඟ මේ සම්බන්ධයෙන් රහසිගත සාකච්ඡා කිහිපයක් පවත්වා ඇතැයිද දැනගන්නට ඇත.

මෙම කණ්ඩායමේ අරමුණ වී ඇත්තේ මේ රටේ දූෂණ වංචා චෝදනා එල්ල නොවුණු පිරිස් සම්බන්ධ කරගෙන සන්ධානයක් සැකසීමටත් ඒ හරහා රටේ බලය අල්ලා ගැනීමට තරගයක් ලබා දීම බවත් එම ආරංචි මාර්ග පවසයි. මේ වනවිට එම සන්ධානය සඳහා ඇතැම් පක්ෂ නායකයන් තරුණ මන්ත්‍රී පිරිසකට උපදෙස් ලබාදෙමින් සිටින බවද දැනගන්නට ඇත. මෙම කණ්ඩායමේ ප්‍රධාන අරමුණ වන්නේ විධායකය අහෝසි කිරීමත්, නව ව්‍යවස්ථාවක් ගෙන ඒමත් සහ රටට ගැලපෙන නව දේශපාලන ප්‍රතිපත්තියක් ගෙන ඒමත් බව සඳහන් වේ. ඒ සඳහා සිවිල් සංවිධාන රැසක්ද එක්කර ගැනීමට අරමුණ වී ඇති බව දැනගන්නට ඇත.

ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ ජනාධිපතිවරණය වන අතර ඒ සඳහා සුදුසු නම් කිහිපයක් සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා කරමින් පවතින බව සඳහන් වේ.