I ගයාන් ගාල්ලගේ
පසුගිය කාලයේ රජයේ ආයතන සමඟ ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා ගිවිසුම් ගත කොන්ත්‍රාත් මුදලට වඩා වැඩි මුදලක් මේ වනවිට වැයවන නිසා එම මුදල ගෙවන තෙක් අදාළ ව්‍යාපෘති සම්පූර්ණයෙන් නවතා දැමීමට තීන්දු කළ බව ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා දේශයට පැවසීය.
පසුගිය 22 වැනිදා සිට එවැනි ව්‍යාපෘති 75%ක් නවතා දැමූ බවත් මේ සතියේ ඉතිරි ව්‍යාපෘතිද නවතා දමන බවත් හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ සතියේ සිමෙන්ති කොට්ටයක මිල රු.500 කින් ඉහළ ගියේය. එනිසා ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට සියල්ල අතහැර දැමීමට සිදුවන බවත් ඔහු කීය.