I යසවර්ධන රුද්රිගූ
ළඟ එන උත්සව සමය වනවිට බිත්තරයක මිල රු. 50කට ආසන්න වන්නට ඉඩ ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි. සමස්ත ලංකා කුකුළු නිෂ්පාදන සංගමයේ සභාපති අජිත් ගුණසේකර පවසන්නේ මේ වනවිට මෙරට බිත්තර නිෂ්පාදනය 40%කින් පමණ පහළ බැස ඇති බවය.
කුකුළු ආහාර හිඟය සහ අහිතකර කාලගුණ තත්ත්වය කුකුළු ව්‍යාපාරයට නරක ලෙස බලපා තිබේ.
ඔහු පවසන්නේ දැනටමත් කුඩා පරිමාණ කුකුළු ගොවිපළවල් වසා දමා කුකුළුන් මසට විකුණා ඇති බවය. බිත්තර නිෂ්පාදනය අඩුවීමට හේතුව වන්නේ විශේෂයෙන් කුඩා පරිමාණ ගොවීන් නිෂ්පාදන කටයුතුවලින් ඉවත් වීමය. එයට හේතුව නිෂ්පාදන වියදම ඉහළ යාම නිසා ලාභය අවම වීමය.
මේ වනවිට වෙළෙඳපොළේ බිත්තර මිල රු. 30 – 33 දක්වා ඉහළ නැග තිබේ. ගුණසේකර මහතා පවසන්නේ අතරමැදියන් බිත්තර මිලට ගෙන රු. 38 – 40 මිලකට අලෙවි කිරීමට පෙළඹී ඇති බවය. මේ නිසා උත්සව සමයේ පවතින දැඩි ඉල්ලුම නිසා බිත්තරයක මිල විශාල ලෙස ඉහළ යාමට ඉඩ ඇති බව දැනගන්නට ඇත.