I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
ලෝකයේ පවතින මුදල් ඒකක අතුරින් ශ්‍රී ලංකා රුපියල දුර්වලම මුදල් ඒකකය බවට පත්ව ඇතැයි ෆයිනෑන්ෂල් ටයිම්ස් වෙබ් අඩවිය සඳහන් කරයි. එහි සඳහන් වන පරිදි 2022 වසරේ වඩාත් පිරිහීමට ලක්වූ මුදල් ඒකකය වන්නේ ශ්‍රී ලංකා රුපියලය.
මේ වන විට එය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 32%කින් පහත වැටී තිබේ. 2022 වසරේ වඩාත්ම පිරිහීමට ලක්ව ඇති මුදල් ඒකක භාවිත වන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටින අතර ඝානාව, ඊජිප්තුව, රුසියාව සහ තජිකිස්තානය පිළිවෙළින් දෙවැනි ස්ථානයේ සිට පස්වැනි ස්ථානය හිමිකරගෙන තිබේ.
උග්‍ර අතට හැරෙමින් පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය පාලනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අරගලයක නිරතව සිටින මොහොතක ශ්‍රී ලංකාවේ රැපියල ලෝකයේ දුර්වලම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට වාර්තාගත ලෙස පහත වැටී ඇති අතර එය ඩොලරයට සාපේක්ෂව තුනෙන් එකකින් පහත වැටීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් අර්බුදයකට ලක්ව තිබේ. පසුගිය සතියේ ඩොලරයක අගය රුපියල් 300 දක්වා ඉහළ ගිය අතර එය මේ වනවිට අවප්‍රමාණය වී ඇති රුසියානු රූබලයේ අගයද ඉක්මවා අවප්‍රමාණය වීමකි.
ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉහළ යාමට රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම, සැපයුම් සීමා කිරීම් සහ ආනයන සඳහා ගෙවීමට විදේශ සංචිත නොමැතිකම බලපා ඇතැයි ද පොලී අනුපාත ඉහළ නැංවීම තුළින් උද්ධමනය මැඩපැවැත්වීමට සහ රුපියලේ අගය ඉහළ නැංවීමට හැකියාව ලැබෙන වග ''මූඩීස්'' ආයතනයේ ආර්ථික විශේෂඥයකු වන ස්ටීව් කොක්රේන් සඳහන් කළ බව එම වෙබ් අඩවිය සඳහන් කර තිබේ.