2022 අප්‍රේල් 10 වන ඉරිදා

ලබන සතියේ සිට විදුලි කප්පාදුව පහතට

 2022 අප්‍රේල් 10 වන ඉරිදා, පෙ.ව. 10:00 46

ගයාන් ගාල්ලගේl

එළඹෙන සතියේ සිට විදුලි කප්පාදුව පැය හතරට වඩා අඩු කිරීමට හැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා දේශයට පැවසීය. එසේම අලුත් අවුරැදු දින දෙක තුළ විදුලි කප්පාදුවක් නොකිරීමටත් තීරණය කළ බව ඒ මහතා සඳහන් කළේය.  

ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට වර්ෂාපතනයත්, අවශ්‍ය ඉන්ධනත් නිසි ලෙස ලැබීම නිසා මෙම විදුලි කප්පාදුව අඩුකර ගැනීමට හැකි වූ බව හෙතෙම වැඩිදුරටත් කීය.