2022 අප්‍රේල් 10 වන ඉරිදා

අර්බුදය දිග්ගැහුණොත් මාස දෙකකින් රට අගාධයේ - කතානායක

 2022 අප්‍රේල් 10 වන ඉරිදා, පෙ.ව. 10:01 185

I දේශපාලන වාර්තාකරු

මේ ආකාරයට රටේ තවදුරටත් අර්බුදකාරී තත්ත්වයක් පැවතියහොත් මාස දෙක තුනකින් රට අගාධයේ පතුලට වැටෙනු ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දේශයට පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදී රටක උද්ඝෝෂණය හා විරෝධතා දැක්වීම ජනතා අයිතියකි. එය සැමෝම පිළිගත යුතුය. විරෝධයට විරෝධය දැක්වීමටත් වඩා දේශපාලන ක්ෂේත්‍රයේ සිටින පක්ෂ විපක්ෂ සියල්ලන් සැබෑ ප්‍රශ්න හඳුනාගෙන ඒවාට විසඳුම් සෙවීමට කැපවිය යුතු යැයි පැවසූ කතානායකවරයා ඉන්ධන හිඟය, ගෑස් හිඟය, විදුලිය කප්පාදුව, ඖෂධ හිඟය, අධික ජීවන වියදම ඇතුළු දැවෙන ප්‍රශ්නවලට විසඳුම් නොදී කරන කිසිවකින් පලක් නොවන බවද සඳහන් කළේය. එම ප්‍රශ්න විසඳීම සඳහා සියලු දේශපාලන පක්ෂ පොදු එකඟතාවකින් ක්‍රියාකිරීම සැමගේ යුතුකම බව පැවසූ හෙතෙම එතෙක් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය සුරුකීමට තමන් ක්‍රියාකරන බවද සඳහන් කළේය.