I දේශපාලන වාර්තාකරු
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් බහුතරය විපක්ෂය සතු බව පෙන්වීමට ඉදිරි සතියේදී බහුතර මන්ත්‍රීන්ගේ අත්සන් සහිතව දිවුරුම් ප්‍රකාශ කතානායකවරයාට ඉදිරිපත් කරන බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා දේශයට පැවසීය.
විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට වඩා බහුතරය පෙන්වීමට වඩාත් පහසු හා ප්‍රායෝගික ක්‍රමය එය බව පැවසූ ගම්මන්පිල මන්ත්‍රීවරයා මේ සඳහා ලබන 25දා පසුවන තෙක් සිටින්නේ දැනට ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කෙරෙන සාකච්ඡා අඩාල නොවීම සඳහා බවද පැවසීය. යම් හෙයකින් එම සාකච්ඡා අතරතුර ආණ්ඩුව බිඳ වැටුණහොත් මූල්‍ය අරමුදල සහ රජය අතර කෙරෙන සාකච්ඡාවද අඩාල වී එයින් රටට ලැබෙන ආධාර තවත් ප්‍රමාද විය හැකි බැවින් මෙම තීරණය ගත් වගද ගම්මන්පිල මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.
රජයට දැනට මන්ත්‍රී ධුර 116ක් හිමිවන නමුත් තවත් මන්ත්‍රීන් 10 දෙනකුට වැඩි පිරිසක් ඉදිරි සතියේදී ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමත් සමඟ බහුතරය අහිමිවීම නිශ්චිතවම සිදුවන්නේ යැයි ඔහු අවධාරණය කළේය.