I ගයාන් ගාල්ලගේ
ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ජනමතයට එකඟ වනතෙක් තම අරගලය ඉදිරියට සිදුකරගෙන යාමට ගෝල්ෆේස් අරගලකරුවන් තීරණය කර තිබේ.
ජනාධිපතිවරයාත්, රජයත් ඔවුන් විසින් ඉදිරිපත් කරන යෝජනාවලට පිළිගත හැකි විසඳුමක් ලැබෙන තෙක් ඉන් ඉවත් නොවන බවත් අරගලකරුවෝ පවසති.
අද වනවිට ගෝල්ෆේස් අරගලය සඳහා දින 16ක් ගතවී ඇත. ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත්වීම, රජය ඉවත්වීම යන යෝජනා ඔවුන් විසින් ඉදිරිපත් කර තිබේ.