යසවර්ධන රුද්රිගූ l
ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම සාමාන්‍යයෙන් දිනකට 4000 – 5000 අතර වන නමුත් මේ වනවිට එම ප්‍රමාණය දිනකට 1000 – 2000 දක්වා පහත වැටී ඇති බව සංචාරක අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් දේශයට අනාවරණය වී ඇත.
මෙම අප්‍රේල් මාසයේ 1 දින සිට 18 දක්වා ශ්‍රී ලංකාව සංචාරකයන් 43,761 දෙනකු බලාපොරොත්තු වුවද පැමිණ ඇත්තේ ඉතාමත් අල්ප ප්‍රමාණයකි. මේ දින 18 තුළ එක්සත් රාජධානියෙන් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇති අතර එම ප්‍රමාණය 8743 ක් වේ. සංචාරකයන් පැමිණීමෙන් දෙවැනි ස්ථානය ලබාගෙන ඇත්තේ අසල්වැසි ඉන්දියාව වන අතර එරටින් පැමිණි පිරිස 5802 කි.
පසුගිය සතියේ සංචාරකයන් සඳහා වෙන්කරගත් හෝටල්වලින් 40%ක් පමණ අවලංගු කිරීමට සිදුවූ බව ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමය කියයි. මෙයට හේතුව රජය හදිසි නීතිය සහ ඇඳිරි නීතිය පැනවීමයි. එසේම රට තුළ දැනට පවතින මහජන විරෝධතා සහ උද්ඝෝෂණ ආදිය ද සංචාරකයන්ගේ පැමිණීමට ඉතාමත් අහිතකර ලෙස බලපා තිබේ.
දැනටමත් යුරෝපීය රටවල් රුසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී දෙවරක් සිතා බලන ලෙස රටවාසීන්ට උපදෙස් දී ඇති අතර පසුගිය සතියේ ඔස්ට්‍රේලියාවද ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ අවදානම පිළිබඳ එරට සංචාරකයන් දැනුවත් කළේය.