2022 මැයි 01 වන ඉරිදා

රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්වලින් බිලියන 100ක් පොලු

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 55

I ගයාන් ගාල්ලගේ

රජයේ ඉදිකිරීම් ව්‍යාපෘති හරහා තම සංගමයේ සාමාජිකයන්ට රුපියල් බිලියන 100ක මුදලක් ලැබීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා දේශයට පැවසීය.

එම මුදල් ලැබෙන තෙක් රජයේ ඉදිකිරීම් කටයුතු නොකරන බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් සිමෙන්ති සඳහා කළු කඩ ක්‍රමයක් වෙළඳ පොළේ නිර්මාණය වී ඇති නිසා මාස දෙකක කාලයක් සිමෙන්ති මිලදී නොගෙන සිටින ලෙසට කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කීය. එසේ කිරීමෙන් පමණක් මේ කළු කඩ ඒකාධිකාරිය බිඳ හෙළිය හැකි බව ඒ මහතා සඳහන් කළේය.