I දේශපාලන වාර්තාකරු
ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවා ඇති ප්‍රදේශ (දර කලාප) ලෙස හැඳින්වෙන බව එම සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.
(දර කලාප) ලෙස හැඳින්වෙන ප්‍රදේශවල ජනතාවට දර ලබාගැනීමේ පහසුව පවත්නා නිසා දැනට ගෑස් සැපයුම සිදුකෙරෙන්නේ ගෑස් අත්‍යවශ්‍යම වන නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවලට පමණක් බවද සඳහන්ය.
ලිට්‍රෝ ගෑස් සමාගම පසුගිය කාලයේ දෛනික ගෑස් සැපයුම සිලින්ඩර 80,000 සිට 30,000 දක්වා අඩු කළ බව ප්‍රකාශ විය. ඒ සමඟම ලිට්‍රෝ ආයතනය ජනතාවට වැඩිපුර දර භාවිතයෙන් නිවෙසේ කටයුතු කර ගන්නා ලෙසද උපදෙස් දී තිබිණි.