2022 මැයි 15 වන ඉරිදා

රනිල් රාජපක්ෂලාගේ නව ආරක්ෂකයා - ජවිපෙ

 2022 මැයි 15 වන ඉරිදා, පෙ.ව. 10:04 141

ගයාන් ගාල්ලගේ l

රනිල් වික්‍රමසිංහ මහතා යනු නව අගමැතිවරයා නොව රාජපක්ෂවරුන්ගේ නව ආරක්ෂකයා බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා දේශයට පැවසීය.

මහ බැංකු චෝදනා ලත් අයත් එය අල්ලන්නට පැමිණි අයත් එකට සිට රට කරවීම තරම් විහිළුවක් නැති බවත් එය මේ රටේ දේශපාලනයේ සුපුරුදු ඩීල් සංස්කෘතිය පෙන්වන දෙයක් බවත් හෙතෙම සඳහන් කළේය.

කිසිම ආකාරයකින් නව රජයට තම පක්ෂයේ සහය නොලැබෙන බවද ඔහු වැඩිදුරටත් කීය.